Monday, December 2, 2013

දුක

A සිතට එන කළ Bද එයි
A යන විට Bද යයි
මම A ප්‍රිය කරමි A මා පෙළයි
එනිසා B වෙත යමි B අන්සතුයි
C මා ප්‍රිය කරයි මට සිතක් නොහැඟෙයි
Dට මා සෙල්ලමකි...
A to Z හෝඩියම නැත්නම්
දුකක් නොදැනෙයි
අවාසනාවට මා එයටම ඇලෙයි

Wednesday, November 27, 2013

යුද වීරයා


මැති ඇමැත්තන්
හමුදාවෙ ලොක්කන්
පොර වදිති අරගන්න
සාමයේ ගෞරවය

මගෙ පුතුගෙ නාමය ඵලකයක් මත ඇත
රටම දන්නේ නැතත් දිවි දුන්නෙ රටට බව...
මටත් උඹෙ පියාටත් බිරියටත් දරු දෙන්නටත්
වීරයෙක් උඹ සදාතන නිහඬ

Thursday, May 2, 2013

වාම වාදීන්

ලක් සිසු සටන්
බිහි වූ දා පටන්
තිඹිරි ගෙය වී නම්

සත්‍ය සමවාදීන්ට
සර්ව කාලීන වී නම්
හදවතේ වම් ස්වරය
සැහැසිකම් කරමින
කුරිරු වේවිද මව් බිමට!

Tuesday, April 16, 2013

බොල් වී

පාවෙන විටදි බොල් වී මතුපිට               හැළියේ
දෑතින් අරන් විසි කෙරුවා මම                එළියේ
නැංවී එන විටදි බොල් පැළ කල            එළියේ 
බොල් බව දැන දැනත් මගෙ සිත තව     ඇලියේ 

ගත නුඹෙ ඇතත් නැවතී ළඟ සිලි         සිලියේ
සිත නුඹෙ විටින් විට යනවා අව           කෙළියේ
මගෙ හද අදර කුටියෙන් ඉල්පී              එළියේ
තව හදවත් සමග නුඹ යයි                    සැණකෙලියේ



පැන පැන සැතපෙමින් ගොස් නුඹ හදින්        හද
නැවතත් අවුත් ඉල්ලයි මගෙ ලැගුම්                හද

කරලින් බර වෙතැයි පැතුමින් පුරා                 හද
බොල් බව දැනත් බොල් ගොයමට බඳිමි         හද

Saturday, February 23, 2013

පොදු ප්‍රශ්න කෙටියෙන්

නුඹ නිසාවෙන් හිමි වූ
…සරසවි වරම
…නිසාවෙන් නුඹ …මට
…අහිමි වේවිද?

Friday, January 4, 2013

සෙනෙහස් මල් කඳුළු

දුවක නොවූවද දුවකට මෙන්ම                         බැඳී
බිරිඳ නොවූවද බිරිඳට වඩා                              බැඳී
මවක ලෙසින් සලකා නුඹ සමග                        හිඳී
නුඹ දුන් කඳුළු තව මගෙ සෙනෙහසට                 මදී

රැය දහවලෙහි වෙනසක් නොම සිතා                 බැඳී
නුඹ ගැන සොයා බැලුවා නුඹ මගෙ                  පරිදී
මගෙ අත් වැරැද්දෙන් නුඹෙ හදවතට                    රිදී
දුන් දුක වැඩියි කර මගෙ සෙනෙහසට                 හදී

සෙනෙහස් සුවඳ නැතියෙන් හද පුරා                    පිරී
මගෙ හද සැතපි ඇත කුටියක් තුල                     සිපිරී
හදවත ගැහෙද්දී පිටුපා ගිය                             ඉතිරී
නැවැතුණු පසුව හඬලා පල නැත                      පිපිරී

සුවඳින් වණින් පිරි මල් නුඹ වෙත                     දුන්න
පාගා කිලිටි කෙරු සෙනෙහස් මල්                ගොන්න
යලි ගෙන සුරත වෙත එසුවඳ                   නොවිඳින්න
මිනී  මල් පුදා සෙනෙහස                           සමරන්න!