Tuesday, October 14, 2014

පව්කාරියට ගල් ගැසීම

නුඹට එරෙහිව අවි දරන අත්
වැඩිපුරම ඒවාද
නුඹෙ සිරුර වැළඳගත්

ගල් කැබලි අත දරන්
පෙළ සැදෙන මිනිසුනේ
ගසාපන් පළමු ගල
සුණු වෙන්ට මේ ක්‍රමේ . . .

Monday, July 14, 2014

කෙටි කතාවක්

නුඹේ ආලය කෙටි කතාවක්
දිගු කලක් මා සමඟ උන්නද
හිටි ගමන් ඇරඹී
ගුප්ත ලෙස නිම වුණ
විශ්මයට පත්ව ඉමි
පාඨකය ලෙසින් මම
කුම්ක් වේවිද ඉතින්
නිමාවෙහි පටන් සිට

Monday, June 30, 2014

තහනම් කෑම


හිම කිරමට මං ආසයි
හිම කිරමත් මට ආසයි
මගෙ හිසේ බර ගතිය
හිම කිරම පලවයි


වහන් වී ලෝකයෙන්
හිම කිරම රස බලමි
දුටුවොතින් ලෝකයා
බනියි මා උමතුවෙක්
ලොවට රහසේ උනත්
රස බැලූ හිම කිරම
මගෙ හිසේ බර ගතිය
වැඩි කරයි රිදුම් දෙයි!

Thursday, May 15, 2014

YOU

you may be small
but you are big in heart
you may be weak
but you are strong in thoughts
you may be ugly
but you are pretty to someone
you may be turned down
but you can be an emperor of your own empire
because there is no one like you
in this world

Monday, April 14, 2014

හිඟන්නාගේ තුවාලය

ආදරය වණයක්
ස්පර්ශ කළ විට
සියුම් කිතියක් ජනිත කරවන
කසන තරමට ඔඩු දුවන
දුක් ලැබෙන බව දැනත්
ඇසිල්ලක සුව සොයන

Thursday, February 13, 2014

පොතේ ගුරු වාදීන්ට

මාක්ස් එංගල්ස්
ට්‍රොට්ස්කි ග්‍රාම්ස්චි
භෞතිකවාද අපෝහකවාද
අර වාද මේ වාද
දයලෙක්ති ගැට පද
බර වචන රළු වචන
මහ ගොඩක් ඔළුව තුළ
බර වචන අකුරු කර
ලිය ලියා කන වෙලාවේ
නැගිටින්න පැමිනෙන්න
පොතෙන් පිට ලෝකයට
දැකගන්න සැබෑ නිර්ධන
පංති සගයන්
විඳගන්න හදවතින්
දුක් කඳුල දුක් සුසුම
නැගිටින්න අතදෙන්න
තථ්‍ය දුප්පතුන් හට
මොරදෙන්න ඔසවන්න
දුප්පතුන්ගේ හඬ

එයත් බැරි නම් සොයුර
කෙස් පැලෙන පුහු තර්ක
නගන පෙරලන වෙලේ
බිම් කොටා අල ටිකක්
ඉන්දන්න මෝසමට
පුරවන්න හිස් කුසක්
ඔබේ පොත්වල කියන
පංතියේ සගයගේ!