පාවෙන විටදි බොල් වී මතුපිට හැළියේ
දෑතින් අරන් විසි කෙරුවා මම එළියේ
නැංවී එන විටදි බොල් පැළ කල එළියේ
බොල් බව දැන දැනත් මගෙ සිත තව ඇලියේ
ගත නුඹෙ ඇතත් නැවතී ළඟ සිලි සිලියේ
සිත නුඹෙ විටින් විට යනවා අව කෙළියේ
මගෙ හද අදර කුටියෙන් ඉල්පී එළියේ
තව හදවත් සමග නුඹ යයි සැණකෙලියේ
පැන පැන සැතපෙමින් ගොස් නුඹ හදින් හද
නැවතත් අවුත් ඉල්ලයි මගෙ ලැගුම් හද
කරලින් බර වෙතැයි පැතුමින් පුරා හද
බොල් බව දැනත් බොල් ගොයමට බඳිමි හද
No comments:
Post a Comment