Sunday, April 15, 2012

කිඩාරම් මල

පාලු අඳුරු නිසල රැයක
…වීදි කොණ දෙමහල් ගොඩනැගිල්ලක
…සුපිපුනු කිඩාරම් මල
…විඳින්නට එන සමනළයා මම. . .


බඹර දෙබරුන් සරන
…විෂ දළින් කිඩාරම් සුවඳ බිඳින
…පරාජිත රාජධානියේ
…සඳ කැල්ම වෙමි මම. . .




…සල් සපු නා ගෙමිදුලෙහි සිටුවන
…කිඩාරම් සුවඳට  වීදියට  ඇදෙන
…සපු මලක් දෝතින් ගෙන හිරු එළිය යට
…කිඩාරම් දුඟදට දොස් නගන
…කුහක බඹරකු නොවී. .
…අදිසි කිඩාරම් සුවඳටම ඇලුම් වන
…අහිංසක සමනළයෙක් වෙමි මම. . .

Friday, April 13, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා!

සීතල බක් මහේ ලා සඳ නැඟ එද්දී
සිනා රස කැලුම් දස අත විසිරෙද්දී
සීතලු ලපලු මල් වැල් සුසුවඳ දෙද්දී
වේවා සැමට සුභ වසරක් සිත් පැහැදී

වපුල හිම පියලි මිහිකත පිසීවා
උණුසුම් සුභ පැතුම් ගුවනට මුසු වේවා
ප්‍රීති නාද කන්කලු වී රැව් දේවා
ලැබු නව වසර සැමටම කිරි ඉතිරේවා!!!