Friday, November 30, 2012

කෝණය

එක කුඩය යට
වෙලී ගත උණුසුමට
මාවතේ යන යොවුන් යුවලට
මල් තුහිනයකි වට වැස්ස

තුන් සකය මත දුවන
වෙට්ටු දමා ඉගිලෙන
ත්‍රීවීල් මල්ලිලාට
කප් රුකකි මේ වැස්ස

දෙපයෙන් පණ ගහන
ආවරණ නැති මගේ නිල රථයට
අනෝරාවකි
පොද වැස්ස!

Friday, November 16, 2012

(අ?)සම්මත ප්‍රේමය



රතු මල් කුඩයට දම් පැහැ සාරිය ගැලපෙනවා නුඹට
ඔය සුදු මුහුණට එළියක් දෙන්නට පින් මදි ඉතින් මට

නොරටුන්ගේ බස අකුරු කෙරූවත් සැමදා සිත් රට නුඹට හිමී
නැතිමුත් හසරක් ඔබ මට මේ රට
මසිත් රට නුඹට හිමී


 
ගුරුතුමියයි නුඹ සිසුවා වෙමි මම පෙම්වතියත් නුඹමයි
කවදා හීනය කල එලි වේවිද
කාලය මට අහිමියි


(බොළඳ ගේය රචනාවක්ද මන්දා...
කොහොම උනත් ලිව්වෙ නම් සත්‍ය සිදුවීමක් ඇසුරෙන්.)