Friday, January 4, 2013

සෙනෙහස් මල් කඳුළු

දුවක නොවූවද දුවකට මෙන්ම                         බැඳී
බිරිඳ නොවූවද බිරිඳට වඩා                              බැඳී
මවක ලෙසින් සලකා නුඹ සමග                        හිඳී
නුඹ දුන් කඳුළු තව මගෙ සෙනෙහසට                 මදී

රැය දහවලෙහි වෙනසක් නොම සිතා                 බැඳී
නුඹ ගැන සොයා බැලුවා නුඹ මගෙ                  පරිදී
මගෙ අත් වැරැද්දෙන් නුඹෙ හදවතට                    රිදී
දුන් දුක වැඩියි කර මගෙ සෙනෙහසට                 හදී

සෙනෙහස් සුවඳ නැතියෙන් හද පුරා                    පිරී
මගෙ හද සැතපි ඇත කුටියක් තුල                     සිපිරී
හදවත ගැහෙද්දී පිටුපා ගිය                             ඉතිරී
නැවැතුණු පසුව හඬලා පල නැත                      පිපිරී

සුවඳින් වණින් පිරි මල් නුඹ වෙත                     දුන්න
පාගා කිලිටි කෙරු සෙනෙහස් මල්                ගොන්න
යලි ගෙන සුරත වෙත එසුවඳ                   නොවිඳින්න
මිනී  මල් පුදා සෙනෙහස                           සමරන්න!

No comments:

Post a Comment