Saturday, January 21, 2012

කලියුගය

හරි වැරැද්ද, නිවැරැද්ද
සොයන්නට යන්නෙපා
මගෙ රත්තරන් පුතේ...
නවාපන් ඔලුව
වැරැද්දට උනත් උඹ
මගේ බුදු පුතේ...
වැරදි නිවැරදි කරන
ස්වප්නයක්වත් උඹ
එපා දක්නට එපා මගෙ පුතේ...
භද්‍ර නුඹෙ යව්වනය
භද්‍ර වූ දේශයක
භද්‍ර වූ කාලයක
ගෙවන්නට
පින් මඳයි
නුඹ පුතේ!

2 comments: