Thursday, February 13, 2014

පොතේ ගුරු වාදීන්ට

මාක්ස් එංගල්ස්
ට්‍රොට්ස්කි ග්‍රාම්ස්චි
භෞතිකවාද අපෝහකවාද
අර වාද මේ වාද
දයලෙක්ති ගැට පද
බර වචන රළු වචන
මහ ගොඩක් ඔළුව තුළ
බර වචන අකුරු කර
ලිය ලියා කන වෙලාවේ
නැගිටින්න පැමිනෙන්න
පොතෙන් පිට ලෝකයට
දැකගන්න සැබෑ නිර්ධන
පංති සගයන්
විඳගන්න හදවතින්
දුක් කඳුල දුක් සුසුම
නැගිටින්න අතදෙන්න
තථ්‍ය දුප්පතුන් හට
මොරදෙන්න ඔසවන්න
දුප්පතුන්ගේ හඬ

එයත් බැරි නම් සොයුර
කෙස් පැලෙන පුහු තර්ක
නගන පෙරලන වෙලේ
බිම් කොටා අල ටිකක්
ඉන්දන්න මෝසමට
පුරවන්න හිස් කුසක්
ඔබේ පොත්වල කියන
පංතියේ සගයගේ!

1 comment:

  1. කෙස් පැලෙන පුහු තර්ක- නගන පෙරලන වෙලේ
    බිම් කොටා අල ටිකක්- ඉන්දන්න මෝසමට (y)

    ReplyDelete