Tuesday, October 14, 2014

පව්කාරියට ගල් ගැසීම

නුඹට එරෙහිව අවි දරන අත්
වැඩිපුරම ඒවාද
නුඹෙ සිරුර වැළඳගත්

ගල් කැබලි අත දරන්
පෙළ සැදෙන මිනිසුනේ
ගසාපන් පළමු ගල
සුණු වෙන්ට මේ ක්‍රමේ . . .

2 comments:

  1. ගසාපන් පළමු ගල
    පව්කාරියට නොව
    ඇය පව්කාරියක් කල
    පව්කාරයන්ට ...

    ReplyDelete
    Replies
    1. පව්කාරියන් සමාජ අසාධාරණයේ එක් ඵලයකි.
      නැති කළ යුත්තේ එහි හේතුවයි. එනම් පව්කාරියන් බිහි කරන සමාජ විෂමතාවයි, දුප්පත්කමයි.

      Delete