Friday, May 25, 2012

සරසවි බත

නිමිත්ත : සරසවි බත කා රු. 2500/= න් මසක් රෝල ගසා ගත හැක.

"ක්රා..ස් ස් "
"යස් මචං අද තුනයි"
බත් පතේ මැණික් ගරන අපි

අම්මත් එක්ක ලුණු නැතැයි වුණු දබර
දිට්ඨ ධම්ම වේදනීය වී
හපමි ලුණු කුට්ටි

දුප්පත් දිව බොජුන
කවදා විඳින්නද
හූල්ලන අපි

2 comments:

  1. ane ubalata dena pahasukam madi wela.oita wada noka inna minissu innawa.thiyana deyak kala awa wede karaganinla.natatnnan wale natannethuwa.apith owa widagena tama me thathwen inne ada.issllama thaman awa wede krgn one malli

    ReplyDelete
    Replies
    1. හාං අයියෙ!
      …හැබැයි ඔය විදියට මෙච්චරකල් හිටපු හැම කෙනාම ඔහොම හිතුවනම් අද අපිට ලංකාවක්වත් නෑ. ඒ වගේම හිටපු හැම ශිෂ්‍යයෙක්ම ඔහොම පටු විදියට ආපු වැඩේ විතරක් කරන් ගියා නම් අද නිදහස් අධ්‍යාපනේකුත් නෑ. නිදහස් අධ්‍යාපනේ නිසයි අපිත් අද මෙතන ඉන්නෙ. ඒ නිසා ඒක අපිට විතරක් නෙමේ අපේ අනාගත පරපුරටත් ඉතිරි කරන කරන එක අපේ වගකීම. වෙනුර එදිරිසිංහ කියන මරා දැමුනු ශිෂ්‍ය වීරයා කියපු ආකාරයට "නිදහස් අධ්‍යාපනය සුරැකීම අපේ යුතුකමක් නොව අප උර මත පැටවී ඇති වගකීමකි". අපි නටන්නන් වාලෙ නටනව කියල චෝදනා කරන්න තරං මොකක්ද මගේ නිර්මාණයෙ තියෙන්නෙ? එහෙම නොකර අවබෝධයෙන් වැඩ කරන නිසා තමයි මෙහෙම ප්‍රශ්න ගැන කතා කරන්නෙ.
      …"අනේ උඹලට දෙන පහසුකම් මදි වෙලා" කියන්නෙ අපිට තියෙන පහසුකම් ගැන දැනගෙනද?
      …අසාධාරනයට විරුද්ධව කතා කිරීම වැරදිද? තමුන්නාන්සෙල ආණ්ඩුවෙන් මවා පෙන්වන සුර ලෝකයක සරසවි ශිෂ්‍යයා ජීවත් වෙන්නෙ කියල හිතන් ඇත්තෙ. ඇමතිවරුන්ගෙ ඉඳලා පරිපාලනයෙ ඉන්න අය කරන ගසා කෑම් නැවැත්තුවොත් යම් සාධාරණ පරසරයක් හදන්න පුලුවන්. එතකන් අපි මේ ගැන අවබෝධයෙන් කතා කරමු කියවන්නන් වාලෙ කියවන්නෙ නැතුව.
      …අනික ඇත්තක් කියනව නම් බය වෙන්න එපා. මූණ හංගන්නෙ නැතුව කතා කරන්න.

      Delete