Friday, July 7, 2017

ආදරේ හැටි

ආදරය නුඹ,
කිවින්දන් තැනුවාට
නුඹේ ආදරය, මා
ගොලුවෙක් කළා

8 comments:

  1. ඔබ කවියෙක් නොවෙද ගොලුවෙක් මුත්...

    ReplyDelete
    Replies
    1. "පෙම් බැඳන් විරහවට
      දිගට කවි ලියපු මට
      වෙළා තනි අරමුණක්
      ගොලුවෙන්න ඇරයුමක්
      දුන්නු ඒ ආදරය
      වටිනවා මහ මෙරක්..."

      ගොඩ වුනාට ස්තූතියි අරූ!

      Delete
  2. පැසසුම් ලැබිය යුතු
    ආදරය නුඹ සතු..

    ReplyDelete
    Replies
    1. පැසසුම් ලැබිය යුතු
      ආදරය නොව
      මා නොවෙද මිතු? :D

      ගොඩ වුනාට ස්තූතියි!

      Delete
  3. අාදරය නොව විරහවයි බොහෝ කිවින්දන් බිහි කරනුයේ.......

    ReplyDelete
    Replies
    1. විරහවයි කවිය ළඟ නිතර රැඳි මිතුරා.

      ගොඩ වුනාට ස්තූතියි!

      Delete
  4. දන්නවද ගොළු හදක් අමාවක අහසට සදක් මැව්ව පන්හිදක්...

    ReplyDelete
    Replies
    1. දන්නවද ඒ අහසම
      තරුවකට පෙම් බැන්ද දවසට
      අමාවක ලබන්නෙ අහසට
      නොවේ, දුප්පත් පන්හිදට

      ගොඩ වුනාට ස්තූතියි!

      Delete