Friday, August 3, 2012

ගිය දෝණිට

දියවෙන වැකෙන ගොම මැටි පිරිබඩ          පොලොව
තාර තහඩුවෙන් වෑහෙන දිය                          කලත
වරිච්චියෙන් එල්බී උණ පතුරු                          ඇත
මුදුන් බාල්කයටත් අද සවිය                            නැත

තුන් ගින්දරක් නිවු සිරිමත් සවිය                        අත
වැරහැලි වෙලා ඇත පැද්දෙන ඇඳක්                  මත
මහ වැව සිදී වියලී ඉරි තැලී                             ඇත
පොඩි ඇල වේලි ගැන වෙහෙසී පලක්               නැත

පාලුය රැයම නිසලය නිහඬය                          දිගුය
තනි රකිනා සවිය උල ලේනිගෙ                     කවිය
තිබු එක පහන දැල්වූයෙත්                         අඳුරමය
ගොරවන්නෙත් නැතිව වැස්සම                  අසරණය

මහ ගෙය ඉඩම ඔප්පුවෙ මිලටත්                   වැඩිය
පත පොත දැනුම වෙත රුපියල                  යාලු විය
පැදුරත් නොදැන නුඹ වෙන් වී ගිය                 දිනය
මහ ගෙයි බාල්කය හිස මත                      පාත් විය