පාලු අඳුරු නිසල රැයක
…වීදි කොණ දෙමහල් ගොඩනැගිල්ලක
…සුපිපුනු කිඩාරම් මල
…විඳින්නට එන සමනළයා මම. . .
බඹර දෙබරුන් සරන
…විෂ දළින් කිඩාරම් සුවඳ බිඳින
…පරාජිත රාජධානියේ
…සඳ කැල්ම වෙමි මම. . .
…සල් සපු නා ගෙමිදුලෙහි සිටුවන
…කිඩාරම් සුවඳට වීදියට ඇදෙන
…සපු මලක් දෝතින් ගෙන හිරු එළිය යට
…කිඩාරම් දුඟදට දොස් නගන
…කුහක බඹරකු නොවී. .
…අදිසි කිඩාරම් සුවඳටම ඇලුම් වන
…අහිංසක සමනළයෙක් වෙමි මම. . .
කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ....
ReplyDeleteඒක ඇත්ත සහෝ..
Deletethumbs up !!!
ReplyDeletethnx!
Delete