ගිනි තැබුවත් නුඹ මා...
සීතලට ආතල් එකට...
දැල්වුනේ මා නොව...
නුඹේම නුඹේ තරුණ ජීවයයි!
එම්බා...
නුඹ කවුද
මා තුළ නිදා හුන්
කවියා අවදි කල
දැන් ඉතින් නොමැත නිවනක්
ලියනවා ලියනවා ලියනවා මිස
තවත් මුනිවත රකිනු කුමට
වහා උත්තර බඳිනු මට!
සියක් කඳු පසු කරන් විත්
තරණය කළත් ආදර කන්ද
හමු නොවූ සොඳුරුතම මිටියාවත
නුඹේ හද බිමයි මියුලැසිය.....
හරි වැරැද්ද, නිවැරැද්ද
සොයන්නට යන්නෙපා
මගෙ රත්තරන් පුතේ...
නවාපන් ඔලුව
වැරැද්දට උනත් උඹ
මගේ බුදු පුතේ...
වැරදි නිවැරදි කරන
ස්වප්නයක්වත් උඹ
එපා දක්නට එපා මගෙ පුතේ...
භද්‍ර නුඹෙ යව්වනය
භද්‍ර වූ දේශයක
භද්‍ර වූ කාලයක
ගෙවන්නට
පින් මඳයි
නුඹ පුතේ!
තනි මට තනියට
මගෙ ලඟ කවුරුත්
තනි රකින්න මට නෑ..
තනි මට තනියට
තනි රකින්න මට
නුඹවත් අද ලඟ නෑ...
තනිකම රජයන
පාලුව පොපියන
දවස් ගෙවෙන විට
තනි මට, මමවත් නෑ....
වවමි මම රෝස වත්තක්
පුදමි සුදු රෝස මලක් මිනිසුන්ට
පුදයි මට ආපිටට ඔවුන්
අකුලකින් නෙලා ගත් කටු මලක්!