ආදරය නුඹ,
කිවින්දන් තැනුවාට
නුඹේ ආදරය, මා
ගොලුවෙක් කළා
.........................................................................නිකං ඉන්න බැරි කමට, අත කහනවට, ඔලුවට එන මනස්ගාත, ලියමි මම මෙසේ......................................................................... මනස්ගාත © (මම පවු) ®
Friday, July 7, 2017
Friday, September 25, 2015
Saturday, August 29, 2015
Tuesday, October 14, 2014
පව්කාරියට ගල් ගැසීම
Monday, July 14, 2014
කෙටි කතාවක්
Monday, June 30, 2014
තහනම් කෑම
හිම කිරමට මං ආසයි
හිම කිරමත් මට ආසයි
මගෙ හිසේ බර ගතිය
හිම කිරම පලවයි
වහන් වී ලෝකයෙන්
හිම කිරම රස බලමි
දුටුවොතින් ලෝකයා
බනියි මා උමතුවෙක්
ලොවට රහසේ උනත්
රස බැලූ හිම කිරම
මගෙ හිසේ බර ගතිය
වැඩි කරයි රිදුම් දෙයි!
Thursday, May 15, 2014
YOU
Monday, April 14, 2014
හිඟන්නාගේ තුවාලය
ආදරය වණයක්
ස්පර්ශ කළ විට
සියුම් කිතියක් ජනිත කරවන
කසන තරමට ඔඩු දුවන
දුක් ලැබෙන බව දැනත්
ඇසිල්ලක සුව සොයන
ස්පර්ශ කළ විට
සියුම් කිතියක් ජනිත කරවන
කසන තරමට ඔඩු දුවන
දුක් ලැබෙන බව දැනත්
ඇසිල්ලක සුව සොයන
Thursday, February 13, 2014
පොතේ ගුරු වාදීන්ට
මාක්ස් එංගල්ස්
ට්‍රොට්ස්කි ග්‍රාම්ස්චි
භෞතිකවාද අපෝහකවාද
අර වාද මේ වාද
දයලෙක්ති ගැට පද
බර වචන රළු වචන
මහ ගොඩක් ඔළුව තුළ
බර වචන අකුරු කර
ලිය ලියා කන වෙලාවේ
නැගිටින්න පැමිනෙන්න
පොතෙන් පිට ලෝකයට
දැකගන්න සැබෑ නිර්ධන
පංති සගයන්
විඳගන්න හදවතින්
දුක් කඳුල දුක් සුසුම
නැගිටින්න අතදෙන්න
තථ්‍ය දුප්පතුන් හට
මොරදෙන්න ඔසවන්න
දුප්පතුන්ගේ හඬ
එයත් බැරි නම් සොයුර
කෙස් පැලෙන පුහු තර්ක
නගන පෙරලන වෙලේ
බිම් කොටා අල ටිකක්
ඉන්දන්න මෝසමට
පුරවන්න හිස් කුසක්
ඔබේ පොත්වල කියන
පංතියේ සගයගේ!
ට්‍රොට්ස්කි ග්‍රාම්ස්චි
භෞතිකවාද අපෝහකවාද
අර වාද මේ වාද
දයලෙක්ති ගැට පද
බර වචන රළු වචන
මහ ගොඩක් ඔළුව තුළ
බර වචන අකුරු කර
ලිය ලියා කන වෙලාවේ
නැගිටින්න පැමිනෙන්නපොතෙන් පිට ලෝකයට
දැකගන්න සැබෑ නිර්ධන
පංති සගයන්
විඳගන්න හදවතින්
දුක් කඳුල දුක් සුසුම
නැගිටින්න අතදෙන්න
තථ්‍ය දුප්පතුන් හට
මොරදෙන්න ඔසවන්න
දුප්පතුන්ගේ හඬ
එයත් බැරි නම් සොයුර
කෙස් පැලෙන පුහු තර්ක
නගන පෙරලන වෙලේ
බිම් කොටා අල ටිකක්
ඉන්දන්න මෝසමට
පුරවන්න හිස් කුසක්
ඔබේ පොත්වල කියන
පංතියේ සගයගේ!
Monday, December 2, 2013
දුක
A සිතට එන කළ Bද එයි
A යන විට Bද යයි
මම A ප්‍රිය කරමි A මා පෙළයි
එනිසා B වෙත යමි B අන්සතුයි
C මා ප්‍රිය කරයි මට සිතක් නොහැඟෙයි
Dට මා සෙල්ලමකි...
A to Z හෝඩියම නැත්නම්
දුකක් නොදැනෙයි
අවාසනාවට මා එයටම ඇලෙයි
A යන විට Bද යයි
මම A ප්‍රිය කරමි A මා පෙළයි
එනිසා B වෙත යමි B අන්සතුයි
C මා ප්‍රිය කරයි මට සිතක් නොහැඟෙයි
Dට මා සෙල්ලමකි...
A to Z හෝඩියම නැත්නම්
දුකක් නොදැනෙයි
අවාසනාවට මා එයටම ඇලෙයි
Wednesday, November 27, 2013
Thursday, May 2, 2013
වාම වාදීන්
ලක් සිසු සටන්
බිහි වූ දා පටන්
තිඹිරි ගෙය වී නම්
සත්‍ය සමවාදීන්ට
සර්ව කාලීන වී නම්
හදවතේ වම් ස්වරය
සැහැසිකම් කරමින
කුරිරු වේවිද මව් බිමට!
බිහි වූ දා පටන්
තිඹිරි ගෙය වී නම්
සත්‍ය සමවාදීන්ට
හදවතේ වම් ස්වරය
සැහැසිකම් කරමින
කුරිරු වේවිද මව් බිමට!
Tuesday, April 16, 2013
බොල් වී
පාවෙන විටදි බොල් වී මතුපිට හැළියේ
දෑතින් අරන් විසි කෙරුවා මම එළියේ
නැංවී එන විටදි බොල් පැළ කල එළියේ
බොල් බව දැන දැනත් මගෙ සිත තව ඇලියේ
ගත නුඹෙ ඇතත් නැවතී ළඟ සිලි සිලියේ
සිත නුඹෙ විටින් විට යනවා අව කෙළියේ
මගෙ හද අදර කුටියෙන් ඉල්පී එළියේ
තව හදවත් සමග නුඹ යයි සැණකෙලියේ
පැන පැන සැතපෙමින් ගොස් නුඹ හදින් හද
නැවතත් අවුත් ඉල්ලයි මගෙ ලැගුම් හද
කරලින් බර වෙතැයි පැතුමින් පුරා හද
බොල් බව දැනත් බොල් ගොයමට බඳිමි හද
දෑතින් අරන් විසි කෙරුවා මම එළියේ
නැංවී එන විටදි බොල් පැළ කල එළියේ
බොල් බව දැන දැනත් මගෙ සිත තව ඇලියේ
ගත නුඹෙ ඇතත් නැවතී ළඟ සිලි සිලියේ
සිත නුඹෙ විටින් විට යනවා අව කෙළියේ
මගෙ හද අදර කුටියෙන් ඉල්පී එළියේ
තව හදවත් සමග නුඹ යයි සැණකෙලියේ
පැන පැන සැතපෙමින් ගොස් නුඹ හදින් හද
නැවතත් අවුත් ඉල්ලයි මගෙ ලැගුම් හද
කරලින් බර වෙතැයි පැතුමින් පුරා හද
බොල් බව දැනත් බොල් ගොයමට බඳිමි හද
Saturday, February 23, 2013
Friday, January 4, 2013
සෙනෙහස් මල් කඳුළු
දුවක නොවූවද දුවකට මෙන්ම බැඳී
බිරිඳ නොවූවද බිරිඳට වඩා බැඳී
මවක ලෙසින් සලකා නුඹ සමග හිඳී
නුඹ දුන් කඳුළු තව මගෙ සෙනෙහසට මදී
රැය දහවලෙහි වෙනසක් නොම සිතා බැඳී
නුඹ ගැන සොයා බැලුවා නුඹ මගෙ පරිදී
මගෙ අත් වැරැද්දෙන් නුඹෙ හදවතට රිදී
දුන් දුක වැඩියි කර මගෙ සෙනෙහසට හදී
සෙනෙහස් සුවඳ නැතියෙන් හද පුරා පිරී
මගෙ හද සැතපි ඇත කුටියක් තුල සිපිරී
හදවත ගැහෙද්දී පිටුපා ගිය ඉතිරී
නැවැතුණු පසුව හඬලා පල නැත පිපිරී
සුවඳින් වණින් පිරි මල් නුඹ වෙත දුන්න
පාගා කිලිටි කෙරු සෙනෙහස් මල් ගොන්න
යලි ගෙන සුරත වෙත එසුවඳ නොවිඳින්න
මිනී මල් පුදා සෙනෙහස සමරන්න!
බිරිඳ නොවූවද බිරිඳට වඩා බැඳී
මවක ලෙසින් සලකා නුඹ සමග හිඳී
නුඹ දුන් කඳුළු තව මගෙ සෙනෙහසට මදී
රැය දහවලෙහි වෙනසක් නොම සිතා බැඳී
නුඹ ගැන සොයා බැලුවා නුඹ මගෙ පරිදී
මගෙ අත් වැරැද්දෙන් නුඹෙ හදවතට රිදී
දුන් දුක වැඩියි කර මගෙ සෙනෙහසට හදී
සෙනෙහස් සුවඳ නැතියෙන් හද පුරා පිරී
මගෙ හද සැතපි ඇත කුටියක් තුල සිපිරී
හදවත ගැහෙද්දී පිටුපා ගිය ඉතිරී
නැවැතුණු පසුව හඬලා පල නැත පිපිරී
සුවඳින් වණින් පිරි මල් නුඹ වෙත දුන්න
පාගා කිලිටි කෙරු සෙනෙහස් මල් ගොන්න
යලි ගෙන සුරත වෙත එසුවඳ නොවිඳින්න
මිනී මල් පුදා සෙනෙහස සමරන්න!
Friday, November 30, 2012
කෝණය
Friday, November 16, 2012
(අ?)සම්මත ප්‍රේමය
රතු මල් කුඩයට දම් පැහැ සාරිය ගැලපෙනවා නුඹට
ඔය සුදු මුහුණට එළියක් දෙන්නට පින් මදි ඉතින් මට
නොරටුන්ගේ බස අකුරු කෙරූවත් සැමදා සිත් රට නුඹට හිමී
නැතිමුත් හසරක් ඔබ මට මේ රට
මසිත් රට නුඹට හිමී
ගුරුතුමියයි නුඹ සිසුවා වෙමි මම පෙම්වතියත් නුඹමයි
කවදා හීනය කල එලි වේවිද
කාලය මට අහිමියි
(බොළඳ ගේය රචනාවක්ද මන්දා...
කොහොම උනත් ලිව්වෙ නම් සත්‍ය සිදුවීමක් ඇසුරෙන්.)
Friday, August 3, 2012
ගිය දෝණිට
දියවෙන වැකෙන ගොම මැටි පිරිබඩ පොලොව
තාර තහඩුවෙන් වෑහෙන දිය කලත
වරිච්චියෙන් එල්බී උණ පතුරු ඇත
මුදුන් බාල්කයටත් අද සවිය නැත
තුන් ගින්දරක් නිවු සිරිමත් සවිය අත
වැරහැලි වෙලා ඇත පැද්දෙන ඇඳක් මත
මහ වැව සිදී වියලී ඉරි තැලී ඇත
පොඩි ඇල වේලි ගැන වෙහෙසී පලක් නැත
පාලුය රැයම නිසලය නිහඬය දිගුය
තනි රකිනා සවිය උල ලේනිගෙ කවිය
තිබු එක පහන දැල්වූයෙත් අඳුරමය
ගොරවන්නෙත් නැතිව වැස්සම අසරණය
මහ ගෙය ඉඩම ඔප්පුවෙ මිලටත් වැඩිය
පත පොත දැනුම වෙත රුපියල යාලු විය
පැදුරත් නොදැන නුඹ වෙන් වී ගිය දිනය
මහ ගෙයි බාල්කය හිස මත පාත් විය
තාර තහඩුවෙන් වෑහෙන දිය කලත
වරිච්චියෙන් එල්බී උණ පතුරු ඇත
මුදුන් බාල්කයටත් අද සවිය නැත
තුන් ගින්දරක් නිවු සිරිමත් සවිය අත
වැරහැලි වෙලා ඇත පැද්දෙන ඇඳක් මත
මහ වැව සිදී වියලී ඉරි තැලී ඇත
පොඩි ඇල වේලි ගැන වෙහෙසී පලක් නැත
පාලුය රැයම නිසලය නිහඬය දිගුය
තනි රකිනා සවිය උල ලේනිගෙ කවිය
තිබු එක පහන දැල්වූයෙත් අඳුරමය
ගොරවන්නෙත් නැතිව වැස්සම අසරණය
මහ ගෙය ඉඩම ඔප්පුවෙ මිලටත් වැඩිය
පත පොත දැනුම වෙත රුපියල යාලු විය
පැදුරත් නොදැන නුඹ වෙන් වී ගිය දිනය
මහ ගෙයි බාල්කය හිස මත පාත් විය
Saturday, June 30, 2012
දෙවැනි මව්
Friday, May 25, 2012
සරසවි බත
නිමිත්ත : සරසවි බත කා රු. 2500/= න් මසක් රෝල ගසා ගත හැක.
"ක්රා..ස් ස් "
"යස් මචං අද තුනයි"
බත් පතේ මැණික් ගරන අපි
අම්මත් එක්ක ලුණු නැතැයි වුණු දබර
දිට්ඨ ධම්ම වේදනීය වී
හපමි ලුණු කුට්ටි
දුප්පත් දිව බොජුන
කවදා විඳින්නද
හූල්ලන අපි
"ක්රා..ස් ස් "
"යස් මචං අද තුනයි"
බත් පතේ මැණික් ගරන අපි
අම්මත් එක්ක ලුණු නැතැයි වුණු දබර
දිට්ඨ ධම්ම වේදනීය වී
හපමි ලුණු කුට්ටි
දුප්පත් දිව බොජුන
කවදා විඳින්නද
හූල්ලන අපි
Subscribe to:
Posts (Atom)



