ළබැඳිම මිතුරියයි නුඹ මට
සැප දුක් සමවැ විමසන
දකිමි නුඹ මුව ගැඹුරින්, නුඹ මවුන් මුව
විඳිමි එසුවඳ රහසින්, ඇගෙ කවක් තුළ
තෙමයි මා නෙත් කෙවෙනි
සුසුමින් දෙදරවයි හද පතුල
උඹ මහ පවිටු අධම මිනිහෙක්!
ලෝකයා බැණ අඬ ගසයි මට
විපිලිසර වෙමි මං
"අනේ ඇයි බං, පවු නැද්ද මං"
"ලං වෙන්නෙපා පර හිමි හිතට ඔතරම්
හෙලන්නෙපා බිම කුරුලු කැදලි, සාප වෙයි උඹටම මචං"
පෙරලමි උඩු හිත වදන් වලට මං
"අනේ මට සමා වෙයන් බං"
සඟවා ගනිමි සදහටම මං........
යටි හිතේ තෙරපී කැකෑරෙන වේදනා පිරි චේතනා.....
අහිමි පෙම් හිත අත හරිමි දැං
ටජ්මහල් තනවන්න බැරි මං
හුදකලා වී පුරමි පිං
එතෙර වෙන්නට මේ භවෙං!
අද වගේම එදත් වැස්සා
ඒත් එදා වැස්ස අද වගේ නෙමෙයි
හුඟක් සීතයි දැන් වැහි බින්දු
එදා වගේම අදත් නුඹ මගෙ ලඟ නම්...
උනුහුම් වැඩි වේවි හිම පියලිත්!
එදා වගේම අදත් හීන දකිනවා
ඒත් එදා හීන අද හීන නම් නෙමයි
නුඹත් එක්ක ඇවිදපු ඒ හීන මාවත්
අද පාලු වෙලා.... නුඹ නැතුවම
දකින්නෙම දැන් මුඩුම හීනමයි...
හ්ම්ම්ම්ම්ම්ම්ම්....